2018 වසරේදී කේප්ටවුන් ක්‍රීඩාංගනයේදී දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම විසින් පන්දුව පළුදු කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් පිතිකරු උස්මාන් කවාජා විසින් සිය නවතම කෘතිය හරහා සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක පැට් කමින්ස් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
හිටපු ටෙස්ට් පිතිකරු උස්මාන් කවාජා සිය කෘතිය සඳහන් කර තිබුණේ, වැලි කඩදාසියක් මඟින් පළුදු කිරීමේ සිද්ධිය, එවකට කණ්ඩායමේ සිටි සියලුම ක්‍රීඩකයින් ඉතා හොඳින් දැන සිටි බවයි.
කෙසේ වෙතත්, අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැට් කමින්ස් මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළා.
පන්දුව පළුදු කිරීමට කිසිදු පෙර සැලසුමක් හෝ කණ්ඩායම් රැස්වීමක් නොතිබූ බව පැට් කමින්ස් අවධාරණය කර ඇති අතර, එම ප්‍රකාශය සියයට සියයක් ප්‍රතික්ෂේප කරන බවද පැට් කමින්ස් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් කවාජාගේ මෙම ප්‍රකාශය, සමකාලීන ක්‍රීඩකයෙක් වූ ඩේවිඩ් වෝනර් විසින් ද මීට පෙර තහවුරු කර තිබුණා.










