2022 සා.පෙළ විභාගය ලබන පෙබරවාරියේ දී

2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ඉදිරි සැළසුම් පිළිබදව පැහැදිලි කරමින් අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර හෙටින් (20) දිනයේ සිට සතියක කාලයක් පාසල් වසතබිම තුළ දරුවන්ට අහිමි වෙන පාසල් දින ගණන අගෝස්තු සහ දෙසැම්බර් මාසවලින් ආවරණය කරගැනීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව එළැඹෙන අගෝස්තු නිවාඩුව හැකිතාක් අඩු කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?