logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

2022 වසරේ සා/පෙළ ප්‍රතිඵල එන දවස ප්‍රකාශයට පත් කෙරේ

2022 වසර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

විභාග කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ පැවැත්වූ සා/පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන නොවැම්බරයේ දී නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

මේ දිනවල අදාළ ප්‍රතිඵල පරිගණකගත කෙරෙමින් පවතින බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

2021(2022) ට නියමිත සා/පෙළ විභාගය පැවැත්වීම දින නියමයක් නොමැති ව මෙන් ම, විවිධ අර්බුද මත කල් ගියා.

රටේ පැවති දැඩි දේශපාලන ව්‍යාකූලත්වය, ආර්ථික අර්බුදය සහ ගුරුවරුන් – විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණ ක්‍රියාපටිපාටිය සහ උත්තර පත්‍ර බැලීම උසස් පෙළ විභාගයේ පවා කල් යාම මතයි සා/පෙළ විභාගය වරින්වර බාලගිරි දෝසයට ලක් වූයේ.

කෙසේවෙතත් අවසානයේ දී එම විභාගය මෙම වසරේ මැයි මස 22 වැනි දින සිට ජුනි මස 01 වැනි දින තෙක් පැවැත්වීමට කටයුතු සූදානම් කෙරුණා.

ඊයේ දිනය වනවිට විවිධ සමාජ මාධ්‍ය ජාලාවල පළ ව තිබුණේ සා/පෙළ ප්‍රතිඵල එළඹෙන 19 වැනි දින නිකුත් කෙරෙන බවයි.

නමුත් එම තොරතුර සාවද්‍ය බවටයි වාර්තා වන්නේ.

2022 වසරට අදාළ ව සාමාන්‍ය පෙළ විභාගයට මෙවර අපේක්ෂකයින් 517,496ක් සුදුසුකම් ලබා තිබුණා.

ඉන් 407,129 ක් පාසල් අයදුම්කරුවන්.

ඉතිරි 110,367 දෙනා පෞද්ගලික අයදුම්කරුවන් බවයි වාර්තා වුණේ.

දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 3,844ක දී මෙම විභාගය පැවැත්වුණු අතර විභාග කටයුතු සම්බන්ධීකරණය සඳහා තවත් මධ්‍යස්ථාන 542ක් ස්ථාපිත් කර තිබුණා.

විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 590 දෙනෙකු ද මෙවර සා/පෙළ විභාගයට ඉදිරිපත් වුණා.

මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්නපත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමට කටයුතු කළ පුද්ගලයින්ට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
4
+1
7
+1
4
+1
3
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්මන් ආර්ථික ප්‍රවණතාව -මහ බැංකුවේ අධිපති සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාව
01:27:20
Video thumbnail
මාලිමාවේ අනාගත අරමුණ මුල්වරට මාධ්‍යට කියයි...#npp #akd #nalindajayatissa
02:49
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE |2024-07-05| Dasatha News
33:30
Video thumbnail
ජ.වි.පෙ ආණ්ඩුවකින් විධායක ජනාධිපති ධූරයට වෙන්න යන දේ #jvp #npp #akd #nalindajayatissa
03:39
Video thumbnail
KASTHIRAMA | පා.ම.මුජිබුර් රහුමාන් සහ හිටපු පා.ම.නලින්ද ජයතිස්ස සහභාගීවන කස්තිරම වැඩසටහන සජීවීව
01:43:45
Video thumbnail
"මේ ආර්ථිකය වැටෙන්න ප්‍රධාන හේතුව ගෝඨාභය රාජපක්ෂ" #sjb
08:36
Video thumbnail
නලින්ද ජයතිස්සගෙන් ධම්මික පෙරේරාට අභියෝගයක්...#npp #nalindajayatissa #akd
09:40
Video thumbnail
"ලෙනව සහ රංගේ බණ්ඩාරගේ සම්බන්ධයක් තියනවා" #sjb #mujibar
10:12
Video thumbnail
"ඡන්දෙ එනවා ඇ....ආය දෙගිඩියාවක් තියාගන්න එපා" - "රනිල් අදින්නේ ඔය ගෝඨාභයගේ ඉතුරු කොටේ" #npp
03:55
Video thumbnail
"මේ පෙත්සම පිටුපස ආණ්ඩුව ඇති" - "ජනාධිපතිවරණය පැවැත්වෙනවා - වළක්වන්න කාටවත් බෑ" #npp #akd
04:31

?