2022 යල කන්නයේ හෙක්ටයාර් එකකින් වී කිලෝ 3207ක අස්වැන්නක්

2022 වසරේ යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

2023 මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න හා වී වගාව පිළිබඳ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමක දී යි මේ බව අනාවරණය වූයේ.

2022 යල කන්නයේ දී රසායනික පොහොර ලබා දීමට පෙර ගොවි ජනතාව විසින් වගා කටයුතු ආරම්භ කර තිබුණත්, ඒ වනවිටත් වී වගා කර තිබුනේ හෙක්ටෙයාර් 248,000ක පමණයි.

නමුත් වත්මන් රජය විසින් ගත් තීරණයක් පරිදි 2022 යල කන්නයේ දී යුරියා පොහොර ලබා දීමට පියවර ගනු ලැබුවා.

ඒ අනුව ඉන්දීය රජයේ ණය යෝජනා ක්‍රමයක් යටතේ යූරියා මෙට්‍රික් ටොන් 65,500ක් මෙරටට ආනයනය කර ගොවීන් අතර බෙදා දුන්නා.

ඒ සමගම ගොවීන් නැවත වතාවක් වී වගාව ආරම්භ කළ අතර වී වගා කළ සමස්ත කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් 512,000 දක්වා ඉහළ ගියා.

සාමාන්‍යයෙන් යල කන්නයේ දී මෙරට වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 04ක් පමණ වුවද වසර 10කට පසු යල කන්නයක දී මෙරට වගා කළ වැඩිම කුඹුරු ප්‍රමාණය 2022 යල කන්නයේ දී වාර්තා වුණා.

කෙසේ වුවද 2021 මහ කන්නයේ දී රසායනික පොහොර තහනම හේතුවෙන් හා කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා හෙක්ටෙයාර් 01කින් ලබා ගන්නා වී අස්වැන්න ප්‍රමාණය කිලෝග්‍රෑම් 2853ක් දක්වා අවම වී තිබුණා.

2021 වසරේ මහ කන්නයේ වගා කර තිබෙන සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 775,846ක්.

නමුත් 2021 මහ කන්නයේ දී මෙරටින් වාර්තා වූ වී අස්වැන්න ප්‍රමාණය මහ කන්නයක දී මෙරටින් වාර්තා වූ අවම වී අස්වනු ප්‍රමාණය යි.

සාමාන්‍යයෙන් සෑම වසරකම මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් මිලියන 2.5. සිට මිලියන 03ක් දක්වා වී අස්වැන්නක් ලැබුණ ද 2021 වසරේ දී මෙරටින් වාර්තා වූ වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 1.6ක්.

එය මහ කන්නයක දී ලැබෙන අස්වැන්නෙන් සියයට 48ක පමණ අඩුවීමක් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36