2022 ට වඩා 2023 ආර්ථිකය අමාරුවෙයි

ගෝලීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන චීන, ඇමරිකා සහ යුරෝපා ආර්ථිකයන් මන්දගාමී වීම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ලෝක ආර්ථිකය ඉතා දුෂ්කර වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා පවසනවා.

වසර 40 කට පසු පළමු වරට පසුගිය වසරේ චීන ආර්ථික වර්ධන වේගය ගෝලීය ආර්ථිකයට වඩා පහළ ගොස් ඇති බවයි ය පෙන්වා දෙන්නේ.

චීන ආර්ථිකය මන්දගාමී වන විට කලාපීය ආර්ථිකය මන්දගාමී වනු ඇති බවත්, කලාපයේ ආර්ථිකය මන්දගාමී වන විට ගෝලීය ආර්ථිකය ද මන්දගාමී වනු ඇති බවත් ඇය පෙන්වා දී තිබෙනවා.

මේ අතර, ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකය ගෝලීය ආර්ථිකයෙන් වෙන්ව සිටීම හේතුවෙන් ගෝලීය ආර්ථිකය මන්දගාමී වීමට හේතුවක් වනු ඇතැයි කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම යුක්රේන රුසියා යුද්ධය, ඉහළ උද්ධමනය සහ මහ බැංකුවල ඉහළ පොළී අනුපාත ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීමට හේතු වී ඇතැයි ඇය පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?