2022 ආසියානු කුසලානය ගැන සුබ ආරංචියක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පසුගියදා ඩුබායි හිදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එහිදී ආසියානු කුසලානය සලසුම්කළ පරිදි මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවසන් එකඟතාවකට පැමිණ තිබෙනවා.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග අගෝස්තු 20 වැනිදා ආරම්භ වීමට නියමිත අතර මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ විස්සයි විස්ස ක්‍රමයටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?