2010 සිට 2025 දක්වා කොළඹ නගර සභාවේ සිදු වූ අක්‍රමිකතා සොයන්න කොමිසමක්

කොළඹ මහ නගර සභාවේ සිදුව ඇති බවට සැලකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර ඇති බව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මගින් මේ බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, ගණකාධිකාරී ඊ. ආර්. එම්. එස්. එච්. ඒකනායක. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරු මෙම කොමිසන් සභාවේ සාමාජිකයින් ලෙස පත්කර ඇති බව සඳහන්.

2010 සිට 2025 දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම්, දේපල සාපරාධි ලෙස පරිහරණය ආදිය විමර්ශනය කිරීම මෙම කොමිසමට පැවරෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් හා පත්කීරීම්, නීතිවිරෝධී සැලසුම්, නිශ්චල හෝ චංචල දේපළ කුලියට හෝ බද්දට දීමේදී සිදුකර ඇති අක්‍රමිකතා සොයා බලා වාර්තා කිරීම ආදී කාර්යයන් මෙම කොමිසන් සභාවට පැවරෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?