2008 මගී බස් රථයක බෝම්බයක් පුපුරුවා හැරිමට තැත්කළ විත්තිකරුවකුට ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

2008 වසරේ කොළඹ,  හෝටන් වටරවුම ප්‍රදේශයේදී මගී බස් රථයක් තුළ බෝම්බයක් තබා පුපුරුවා හැර මිනිස් ඝාතන සිදු කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු නාගලිංගම් මදනසේකරන් නමැති විත්තිකරුවකුට කොළඹ මහාධිකරණය විසින් අද ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළා.

එම චෝදනාවටම වරදකරු කෙරුණු මේවන විට අධිකරණය මගහැර පලාගොස් සිටින ධර්මලිංගම් මුහුන්දන් නමැති තවත් විත්තිකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් විවෘත වරෙන්තු ද නිකුත් කරනු ලැබුවා.

එම වරෙන්තුව කටුනායක, මත්තල සහ පලාලි ගුවන්තොටුපල වලට ද දැනුම් දෙන ලෙස නියෝග කළ විනිසුරු වරයා එම විවෘත වරෙන්තුව ජාත්‍යන්තර පොලිසිය හරහා ක්‍රියාත්මක කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.

2008 වසරේ සැප්තැම්බර් මස 01 වනදා කොළඹ 7, හෝර්ටන් වටරවුම ප්‍රදේශයේ මට්ටක්කුලිය බස් ඩිපෝවට අයත් අංක ඩබ්ලිව්. පී. එන්. පී. 3656  දරන මගී බස් රථය තුළ බෝම්බයක් තබා පුපුරුවා හැර මිනිස් ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් හදිසි අවස්ථා රෙගුලාසි යටතේ එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා.

නඩු විභාගය අවසන් වීමෙන් අනතුරුව රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන් සිදුකර තිබෙන වරද අතිශය බරපතළ ඒවා යැයි සඳහන් කර සිටියා.

එබැවින් ඔවුන්ට නීතියෙන් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබා දෙන ලෙසයි රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

අධිකරණය හමුවේ සිටි ධර්මලිංගම් මදනසේකරන් නමැති විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා මෙම නඩුව සම්බන්ධයෙන් වසර 15 ක් පමණ  රක්ෂිත බන්ධනාගාර ගතව සිටි බව සඳහන් කළා.

67 වන වියේ පසුවන ඔහු බන්ධනාගාර ගතව සිටි සමයේ කොවිඩ් වසංගතයට ද ගොදුරු වූ බව කියා සිටි නීතිඥවරයා ඔහු විවාහක දරුවන් සිටින පුද්ගලයෙකු බැවින් දඩුවම් නියම කිරීමේදී මෙම කරුණු සැලකිල්ලට භාජනය කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකරුවන් විසින් සිදුකර තිබෙන වරදවල්  අතිශය බරපතළ වරදවල් යැයි කියා සිටියා.

මගී බස් රථයක් තුළ බෝම්බයක් තබා එය පුපුරුවා හැරීමට තැත් කර ඇත්තේ හෝර්ටන් වටරවුම අසල පිහිටි ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය ආසන්නයේදී බවත් එය දහවල් 1. 30 ට පමණ  පුපුරුවා හැරීමට සැලසුම්කර තිබූ අතර එය පිපිරී ගියේ නම් පාසලෙන් පිටව යන දරු දැරියන් විශාල පිරිසකගේ ජීවිත අනතුරට ලක්වීමට අවකාශ තිබූ බවත් විනිසුරුවරයා පැවසුවා.

එම අවස්ථාවේ බස් රථය තුළ ද පුද්ගලයින් පණහකට වැඩි පිරිසක් සිටි බව සාක්ෂිවලින් අනාවරණය වී ඇති අතර මෙම පිපිරීම සිදු වූයේ නම් ඔවුන්ගේ ජීවිතයද විනාශ වන්නට ඉඩ තිබූ බවයි විනිසුරුවරයා සදහන් කළේ.

එහෙත් අදාළ බස් රථයේ කොන්දොස්තර වරයාගේ විමසිලිමත් භාවය නිසා මෙම බස් රථය තුළ සැකකටයුතු පාර්සලයක් තිබෙනු දැක එහි සිටි මගින් සියලු දෙනා ඉවත් කොට හෝර්ටන් වටරවුම අසල සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට දැනුම් දී අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට රැගෙන ගොස් පරික්ෂාවට ලක්කිරීම හේතුවෙන් මෙම බෝම්බය සොයාගැනීමට හැකිවූ බවත් විනිසුරුවරයා සදහන් කළා.

මෙම නඩුවේ විත්තිකරුවන් බෝම්බය බස් රථය තුළ තබා ක්ෂණිකව පිටව ගිය බව සාක්ෂිවලින් අනාවරණය වී ඇතැයි පෙන්වා දුන් විනිසුරුවරයා අදාළ බස් රථයේ කොන්දොස්තරවරයා ගේ විමසිලිමත්  භාවය හේතුවෙන් විශාල ජීවිත හානියක් වලකා ගැනීමට හැකි වූ බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වැඩි දුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29