2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග තුනක් අද (09) පැවැත් වෙනවා.
ඒ, අනුව අද දිනයේ පැවැත්වෙන පළමු තරගය ලෙස ඉතාලිය සහ ස්කොට්ලන්ත අතර තරගය ඉන්දියාවේ කොල්කටාහි දී ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගය අද (09) පෙරවරු 11.00ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
මේ අතර අද පැවැත්වෙන දෙවන තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ඕමානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර මෙම තරගය පස්වරු 3.00ට ආරම්භ වනවා.
එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දී තිබෙනවා.
ඒ, අනුව එස්.එස්.සී ක්‍රීඩාංගණයේ අංක 5 සහ 7 ගේට්ටු මඟින් ප්‍රේක්ෂකයින්ට තරගය නොමිලේ නැරඹීමට ක්‍රීඩාංගනයට පිවිසීමේ හැකියාව හිමිවනවා.
මේ අතර කැනඩාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය ඉන්දියාවේ අහමදාබාද්හි දී පැවැත්වෙන අතර, එම තරගය අද රාත්‍රී 07.00ට ආරම්භ වනවා.



