AFC Banner
Empty Ad
Empty Ad

19න් පහළ කණ්ඩායම ආසියානු කුසලානයෙන් ඉවතට

ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවී තිබෙනවා.

ඒ අද බංග්ලාදේශ කණ්ඩයාම සමග පැවති තරගය කඩුලු 6කින් පරාජයට පත්වීම හේතුවෙන්.

ඩුබායි රාජ්‍යයේ අද පැවති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 200ක් රැස් කළා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 40යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත්වුණා.

මීට පෙර මූලික වටයේ තරගයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියකින් මෙලෙස ඉවත්වුණේ වසර 6කට පසුවයි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ තරගවලින්ම ඉවත්වී තිබුණේ 2017 වසරේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
1
+1
0
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?