19න් පහළ කණ්ඩායම ආසියානු කුසලානයෙන් ඉවතට

ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවී තිබෙනවා.

ඒ අද බංග්ලාදේශ කණ්ඩයාම සමග පැවති තරගය කඩුලු 6කින් පරාජයට පත්වීම හේතුවෙන්.

ඩුබායි රාජ්‍යයේ අද පැවති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 200ක් රැස් කළා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 40යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත්වුණා.

මීට පෙර මූලික වටයේ තරගයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියකින් මෙලෙස ඉවත්වුණේ වසර 6කට පසුවයි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ තරගවලින්ම ඉවත්වී තිබුණේ 2017 වසරේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
1
+1
0
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12