AFC Banner
Empty Ad
Empty Ad

18 ඉක්ම වූවන්ටත් එන්නත් ලැබෙන දිනය

ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා හතරක් මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ ප්‍රකාශ කළා.

මේ අතර ලබන මස 2 වන සතිය වනවිට වයස අවුරුදු 18 ත් 30 ත් අතර පිරිස එන්නත්කරණයට ලක් කිරීමට කටයුතු කරන බවයි වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ.

වයස අවුරුදු 30 ට වැඩි ජනගහණයෙන් සියයට 99 කට ඕනෑ ම කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදී අවසන් කර තිබෙනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළේ 30 ට වැඩි ජනගහණයෙන් සියයට 48 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බවයි.

ඩෙල්ටා ප්‍රභේදයේ නව විකෘතිතා හතරක් හඳුනාගෙන ඇති නමුත්, ඒවා එන්නත්කරණයට කිසිදු අයුරකින් බලපෑම් සිදු නො කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ ප්‍රකාශ කළා.

ඒ, සියලු මාධ්‍ය එක් ව අද උදෑසන විකාශය කළ සාකච්ඡාවට එක්වෙමින්.

එසේම ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ කොවිඩ් මර්දන එන්නත්කරණ සතියක් අනිද්දා ආරම්භ කරන බවයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?