වැඩිම වී වගා හානි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මේ වනවිට දිවයින පුරා පවතින නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති වගා හානි තක්සේරු කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දෛනික වී වගා හානි පිළිබඳ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට භාර දීම සිදු වනවා.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදු කෙරෙන මෙම වී වගා හානි තක්සේරු කිරීමේ කටයුතු සඳහා කණ්ඩායම් 25ක් යොදවා ඇති අතර උඩවළව කලාපයේ හානි තක්සේරුව සඳහා විශේෂ කණ්ඩායමක් ප්‍රධාන කාර්යාලයෙන් යොදවා ඇති බවයි එම මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්.බී වීරසේකර මහතා කියාසිටියේ.

ඊයේ දිනයට වනවිට වාර්තා වී ඇති වගා හානි තක්සේරු කිරීම් පිළිබඳ වාර්තාව අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට භාරදී තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය වනවිටත් වැඩිම වගා හානි වාර්තා වී තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම ප්‍රමාණය අක්කර 19,388ක්. අගතියට පත්ව ඇති ගොවීන් ප්‍රමාණය 22,357ක් බවයි එහි දැක්වෙන්නේ.

දෙවන ස්ථානයට වැඩිම වගා හානි ප්‍රමාණයක් උඩවළව කලාපයෙන් වාර්තා වනවා. එය අක්කර 10,125ක් වන අතර පීඩාවට පත්වූ ගොවීන් ප්‍රමාණය 4050ක්.

ඊයේ දිනය වනවිට දිවයින පුරා වාර්තා වන සමස්ත වී වගා හානි අක්කර ප්‍රමාණය 37,101ක් වන අතර ගොවීන් ප්‍රමාණය 32,967ක්.

දිස්ත්‍රික්කය ගොවීන් ප්‍රමාණය අක්කර ගණන

කොළඹ 30 80

ගම්පහ 199 193

කලුතර 133 123

මාතලේ 181 211

නුවරඑළිය 489 491

ගාල්ල 138 161

මාතර 789 629

හම්බන්තොට 604 541

මන්නාරම 09 07

වව්නියාව 268 352

මුලතිව් 10 21

මඩකලපුව 242 528

අම්පාර 209 482

ත්‍රිකුණාමලය 168 374

පුත්තලම 550 818

මහව 9333 8008

අනුරාධපුර 292 336

පොලොන්නරුව 89 189

මොණරාගල 331 371

රත්නපුර 635 636

කෑගල්ල 587 184

තඹුත්තේගම 267 276

මනම්පිටිය 162 218

දෙහිඅත්තකණ්ඩිය 217 353

මෙහි අවසන් වාර්තාව සකස් කිරීම සඳහා මාසයක පමණ කාලයක් ගතවනු ඇතැයි ද ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළා.

මෙම වගා හානි සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකසන ලෙස ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.

එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29