ශ්‍රී ලංකා ගෝල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික කනිෂ්ඨ ගෝල්ෆ් තරගාවලිය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම තරගාවලිය සඳහා අවශ්‍ය අනුග්‍රාහකත්වය ලබා දීම පසුගියදා සිදු කෙරුණු බවයි.
මෙවර ‘ප්‍රීමා සන්රයිස්’ සමාගම තරගාවලියට අනුග්‍රාහකත්වය සපයනවා.
මෙවර තරගාවලියට විදේශ තරගකරුවන් පිරිසක් ද සහභාගී වීමට නියමිතයි.
ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගෝල්ෆ් තරගාවලිය දෙසැම්බර් මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා උදෑසන 8.00 සිට කොළඹ රාජකීය ගෝල්ෆ් ක්‍රීඩා පිටියේදී (RCGC) පැවැත්වීමට නියමිතයි.
තරගාවලියට සහභාගී වන දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුහුණු තරග දෙසැම්බර් 09 වැනි දින පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙම තරගාවලියේ ත්‍යාග ප්රදානෝත්සවය දෙසැම්බර් 12 වැනිදා ප.ව 3.00 ට පැවැත්වෙනු ඇති.
මෙහි වයස් කාණ්ඩ ලෙස;
වයස් කාණ්ඩ – රන් පදක්කම (විවෘත)
- අවුරුදු 15 ත් 18 ත් අතර බාලක හා බාලිකා
රිදී පදක්කම
- වයස අවුරුදු 13 ත් 14 ත් අතර බාලක හා බාලිකා
ලෝකඩ පදක්කම
- වයස අවුරුදු 11 ත් 12 ත් අතර බාලක හා බාලිකා
තඹ පදක්කම
- වයස අවුරුදු 10 සහ 10 න් පහළ බාලක හා බාලිකා