16 වැනි ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගෝල්ෆ් තරගාවලියට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා ගෝල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික කනිෂ්ඨ ගෝල්ෆ් තරගාවලිය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම තරගාවලිය සඳහා අවශ්‍ය අනුග්‍රාහකත්වය ලබා දීම පසුගියදා සිදු කෙරුණු බවයි.

මෙවර ‘ප්‍රීමා සන්රයිස්’ සමාගම තරගාවලියට අනුග්‍රාහකත්වය සපයනවා.

මෙවර තරගාවලියට විදේශ තරගකරුවන් පිරිසක් ද සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගෝල්ෆ් තරගාවලිය දෙසැම්බර් මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා උදෑසන 8.00 සිට කොළඹ රාජකීය ගෝල්ෆ් ක්‍රීඩා පිටියේදී (RCGC) පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට සහභාගී වන දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුහුණු තරග දෙසැම්බර් 09 වැනි දින පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය දෙසැම්බර් 12 වැනිදා ප.ව 3.00 ට පැවැත්වෙනු ඇති.

මෙහි වයස් කාණ්ඩ ලෙස;

වයස් කාණ්ඩ – රන් පදක්කම (විවෘත)

  • අවුරුදු 15 ත් 18 ත් අතර බාලක හා බාලිකා

රිදී පදක්කම

  • වයස අවුරුදු 13 ත් 14 ත් අතර බාලක හා බාලිකා

ලෝකඩ පදක්කම

  • වයස අවුරුදු 11 ත් 12 ත් අතර බාලක හා බාලිකා

තඹ පදක්කම

  • වයස අවුරුදු 10 සහ 10 න් පහළ බාලක හා බාලිකා


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51