16 හැවිරිදි බාලවයස්කාරිය දූෂණය කළ බවට කියන ඥාති සහෝදරයා අත්අඩංගුවට

කන්දකැටිය – මුඩගමුව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක් දුෂණයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ ඥාති සහෝදරයෙකු සැකපිට ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ; අත්අත්අඩංගුවට ගත් සැකකරු මුඩගමුව – කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙක් බවයි.

වයස අවුරුදු 16 ක් වන මෙම දැරිය පසුගිය 9 වැනි දින ඇයගේ නිවස තුළ දී සැකකාර ඥාති සහෝදරයා විසින් දුෂණය කළ බවට ලද පැමිණිල්ලක් මතයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවල දී ඇය මීට වසරකට පෙර දී ගෝඩුන්න ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙ⁣බළෙකු අතින් ද දුෂණයට ලක් ව ඇති බවට කරුණු අනාවරණය වු බවත් පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එම සැකකාර යුද හමුදා සෙබළා ද අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත සහ පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප මංගල දිසානායක විසින් මේ පිළිබඳ ව වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38