spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

16 හැවිරිදි බාලවයස්කාරිය දූෂණය කළ බවට කියන ඥාති සහෝදරයා අත්අඩංගුවට

කන්දකැටිය – මුඩගමුව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක් දුෂණයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ ඥාති සහෝදරයෙකු සැකපිට ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ; අත්අත්අඩංගුවට ගත් සැකකරු මුඩගමුව – කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙක් බවයි.

වයස අවුරුදු 16 ක් වන මෙම දැරිය පසුගිය 9 වැනි දින ඇයගේ නිවස තුළ දී සැකකාර ඥාති සහෝදරයා විසින් දුෂණය කළ බවට ලද පැමිණිල්ලක් මතයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවල දී ඇය මීට වසරකට පෙර දී ගෝඩුන්න ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙ⁣බළෙකු අතින් ද දුෂණයට ලක් ව ඇති බවට කරුණු අනාවරණය වු බවත් පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එම සැකකාර යුද හමුදා සෙබළා ද අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත සහ පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප මංගල දිසානායක විසින් මේ පිළිබඳ ව වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?