150 කට කොරියා සිහින පෙන්වා කෝටි 15කට විදලා – කොළඹ සැකකරු වව්නියාවෙන් අල්ලයි

විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වව්නියාවේ පුවරසන්කුලම් පොලිස් වසමේ තරේකුලම් ප්‍රදේශයේ දී මෙම සැකකරු ඊයේ (24) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක තැනැත්තෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් 150 දෙනෙකුගෙන් පමණ රුපියල් කෝටි 15 කට අධික මුදලක් මෙලෙස වංචාකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීට වැඩිය හොඳයි රනිල් ගිහින් නාමල්ගේ වේදිකාවට නැග්ගනම් - UNP නායකයා පෙනී සිටීම ගැන ලැජ්ජයි
09:29
Video thumbnail
නිමල් පෙරේරා කියන්නේ මේ ගණුදෙනුවේ ඉත්තෙක් - කළු සල්ලි සුදු කරපු එක්කෙනෙක් විතරයි
07:26
Video thumbnail
නාමල්ව තව සතියකින් එළියට දානවා - මන් කැට තියලා කියනවා
09:52
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08