15 හැවිරිදි දරුවෙකු දියේ ගිලී මරුට

ගිනිගත්හේන, ඇබඩීන් දිය ඇල්ලේ දිය නාමින් සිටි අවුරුදු 15ක් වයසැති පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.

දිය ඇල්ල නැරඹීම සඳහා පැමිණි පිරිසක් දිය නාමින් සිටි අවස්ථාවේ ඔහු දියේ ගිලී ඇති බව පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ 15 හැවිරිදි වැල්ලවත්ත, නෙල්සන් පෙදෙස ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

ගිනිගත්හේන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.