144 වන නිල් මහා සටනේ ජය රාජකීය විද්‍යාලයට

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගස්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති 144 වන “නිල් මහා සටන” වාර්ෂික තෙදින ක්‍රිකට් තරගය ජයගැනීමට රාජකීය විද්‍යාලයට හැකියාව ලැබුණා.

කොළඹ SSC ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරග කොළඹ රාජකීය විද්‍යාලය ජය ගත්තේ ලකුණු 180කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජකීය ක්‍රීඩකයින් පළමු ඉනිමට කඩුලු 08කට දැවී ලකුණු 326ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

එහිදී ඩසිස් මංචනායක රාජකීය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 137ක් රැස් කිරීමට සමත් වුණා.

සිය පළමු ඉනිම ඇරඹු ගස්කිස්ස ශාන්ත තෝමස් ක්‍රීඩකයින්ට සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 153ක් පමණයි.

ලකුණු 173ක වාසියක් සමඟින් දෙවන ඉනිම ඇරඹු රාජකීය ක්‍රීඩකයින් සිය දෙවන ඉනිමට ලකුණු 168කට කඩුලු 04ක් දැවී තිබිය දී ඉනිම අත්හිටුවා ශාන්ත තෝමස් ක්‍රීඩකයින්ට දෙවන ඉනිම වෙනුවෙන් අවස්ථාව ලබා දුන්නා.

ඒ, අනුව ජයග්‍රහණය සඳහා ශාන්ත තෝමස් ක්‍රීඩකයින්ට හිමි වූ ඉලක්කය ලකුණු 341ක්.

එම ඉලක්කය හඹා ගිය ශාන්ත තෝමස් ක්‍රීඩකයින්ට සියල්ලන් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 161ක් පමණයි.

ඒ, අනුව ලකුණු 180කින්, 144 වන නිල් මහා සටනේ ජය තමන් සතුකර ගන්නට රාජකීය විද්‍යාලයට අද හැකියාව ලැබුණා.

WhatsApp Image 2023 03 18 at 3.38.02 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?