AFC Banner
AFC Banner
Empty Ad

135කින් ඩීසල් අඩු කළත් බස් ගාස්තුවේ අඩුවීමක් නැහැ – පෞද්ගලික බස් සංගම්

ඉන්ධන මිල අඩු කිරීමට රජය විසින් ඊයේ (30) ගත් තීරණ කළ ද බස් ගාස්තුවේ අඩුවීමක් සිදුනොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් පවසනවා.

අද (01) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළා.

සුඛෝපභෝගී වාහන සඳහා භාවිත කරන සුපර් ඩීසල් රුපියල් 135ක මුදලකින් අඩු කළ ද, සාමාන්‍ය මගී ජනයාට ගමන් පහසුවන් සලසන බස්රථ සඳහා භාවිත කරන ඩීසල් අඩුකර ඇත්තේ රුපියල් 15කින් පමණක් බවත් ඔහු මෙහිදී චෝදනා කර සිටියා.

කම්කරු දිනය සමරන අද දිනයේ මහජනතාවට V8 පන්නයේ සහනාධාරයක් ලබා දී ඇති බව සඳහන් කළ සභාපතිවරයා බස්රථ සඳහා භාවිත කරන සුදු ඩීසල් මිල රුපියල් 135 කින් අඩුකළ හොත් පමණක් බස් ගාස්තු ද සීයට 50කින් පමණ අඩුකළ හැකි බවත් ඔහු පැවසුවා.

ඩීසල් ලීටරයක් රුපියල් 15.00කින් අඩු කිරීමක් සිදුකර බස් ගාස්තු අඩුකිරීමක් රජය විසින් බලාපොරොත්තු වන්නේ නම් එය කිසිසේත්ම සිදුනොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කර සිටියේ බස් ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?