135කින් ඩීසල් අඩු කළත් බස් ගාස්තුවේ අඩුවීමක් නැහැ – පෞද්ගලික බස් සංගම්

ඉන්ධන මිල අඩු කිරීමට රජය විසින් ඊයේ (30) ගත් තීරණ කළ ද බස් ගාස්තුවේ අඩුවීමක් සිදුනොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් පවසනවා.

අද (01) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළා.

සුඛෝපභෝගී වාහන සඳහා භාවිත කරන සුපර් ඩීසල් රුපියල් 135ක මුදලකින් අඩු කළ ද, සාමාන්‍ය මගී ජනයාට ගමන් පහසුවන් සලසන බස්රථ සඳහා භාවිත කරන ඩීසල් අඩුකර ඇත්තේ රුපියල් 15කින් පමණක් බවත් ඔහු මෙහිදී චෝදනා කර සිටියා.

කම්කරු දිනය සමරන අද දිනයේ මහජනතාවට V8 පන්නයේ සහනාධාරයක් ලබා දී ඇති බව සඳහන් කළ සභාපතිවරයා බස්රථ සඳහා භාවිත කරන සුදු ඩීසල් මිල රුපියල් 135 කින් අඩුකළ හොත් පමණක් බස් ගාස්තු ද සීයට 50කින් පමණ අඩුකළ හැකි බවත් ඔහු පැවසුවා.

ඩීසල් ලීටරයක් රුපියල් 15.00කින් අඩු කිරීමක් සිදුකර බස් ගාස්තු අඩුකිරීමක් රජය විසින් බලාපොරොත්තු වන්නේ නම් එය කිසිසේත්ම සිදුනොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කර සිටියේ බස් ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48