1,252ක් හෙට දිනයේ රාජ්‍ය සේවයට

කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට නිලධාරීන් 1,252 දෙනෙකුට හෙට (07) දිනයේ පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමට නියමිතයි.

ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් හෙට (ජූලි 07) අරලියගහ මන්දිරයේදීය.

මෙම තනතුරු 2025 වසරේ ඔක්තෝබර් මස 05 වන දින පවත්වන ලද විවෘත තරග විභාගය සඳහා අයදුම්කරුවන් 85,000කට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටියා.

එහි ප්‍රතිඵල මත 2026 මැයි මස 22,23 සහ 24 යන දිනවල පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණ සහ විභාග ලකුණු පදනම් කර ගනිමින් දක්ෂතාවය මත ම මෙම පිරිස තෝරාගෙන තිබෙනවා.

මෙම බඳවා ගැනීම් සඳහා මූලික සුදුසුකම උසස් පෙළ වුව ද, මේ සඳහා උපාධිධාරීන් බොහෝ ප්‍රමාණයක් ද සුදුසුකම් ලබා තිබෙනවා.

සමස්ත පත්වීම්ලාභීන් සියල්ලන්ම වයස අවුරුදු 18-29ත් අතර පසුවන තරුණ තරුණියන් වන අතර, සිංහල මාධ්‍යයෙන් 1,006 දෙනෙකු, දෙමළ මාධ්‍යයෙන් 217 දෙනෙකු හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් 29 දෙනෙකු වශයෙන් නිලධාරීන් 1,252 දෙනෙකු සුදුසුකම් ලැබූවන් අතරට අයත්.

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ පුරප්පාඩු ප්‍රමාණය 1,615ක් පවට්නින අතර, පළමු වටයේදී මූලික සුදුසුකම් සපුරා ඇත්තේ 1,252 දෙනෙකු පමණක් වන බැවින් ඉතිරි පිරිස දෙවන වටයකදී බඳවා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න සඳහන් කළේ.

රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව 2025 වර්ෂයේදී 35,000කට අධික පිරිසක් බඳවා ගත් අතර, මෙම වසරේදී ලක්ෂයකට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරමින් පවතිනවා.

මීට අමතරව 2027 වසරේදී ද සැලකිය යුතු පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08