එළඹෙන 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ නිහඬ කාලය ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.
අද (08) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඡන්ද කොට්ඨාස මට්ටමින් සහ ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් පිහිටුවා තිබෙන කාර්යාල 12 වනදා මධ්‍යම රාත්‍රියවන විට ඉවත්කළ යුතු බවයි.
12 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු පවත්වාගෙන යා හැක්කේ පක්ෂ සහ කණ්ඩායම් සඳහා කොට්ඨාස මට්ටමින් එක් කාර්යාලයක් පමණක් බවයි.
එමෙන්ම මැතිවරණ අපේක්ෂකයාගේ නිවස ද මැතිවරණ කාර්යාලයක් ලෙස පවත්වාගෙන යා හැකි බව ද සභාපතිවරයා මෙහිදී පැවසුවා.
මේ අතර කොට්ඨාස මට්ටමින් පවතවාගෙන යන කාර්යාලයේ සහ නිවසේ මැතිවරණ සැරසිලි පොස්ටර් සහ ඡන්ද දැන්වීම් සියල්ල ඉවත්කකළ යුතු බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.