ඊශ්‍රායල පාපන්දු ලෝලීන් පිරිසකට ඇම්ස්ටර්ඩෑම්හි දී ප්‍රහාරයක්

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි දී ඊශ්‍රායල පාපන්දු ලෝලීන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරය නෙදර්ලන්ත සහ ඊශ්‍රායල නායකයින් ප්‍රහාර හෙළා දැක ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, පලස්තීන හිතවාදී මැර පිරිසක් විසින් මෙය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයට ලක් වූ ඊශ්‍රායල පාපන්දු ලෝලීන් ඉවත් කිරීම සඳහා ගුවන් යානා දෙකක් ඇම්ස්ටර්ඩෑම් වෙත යවන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නියෝග කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

මැකාබි ටෙල් අවිව් සහ අජැක්ස් ඇම්ස්ටර්ඩෑම් කණ්ඩායම් අතර පැවති පාපන්දු තරගය නැරඹීම සඳහා ගිය ඊශ්‍රායල පාපන්දු ලෝලීන් පිරිසක් මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

මෙම ප්‍රහාරයට සම්බන්ධ 62 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04