කැන්ගරුවන්ගේ තරගාවලි ජය නැවතූ පාකිස්තානය – ආරම්භක පිතිකරුවන්ගෙන් විශිෂ්ට ඉනිමක්

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස ජය සමකරගන්නට පාකිස්තාන කණ්ඩායම මීට ටික වේලාවකට පෙර (08) සමත් වුණා.

ඒ දෙරට අතර අද පෙරවරුවේ ඇඩිලේඩ් හි දී ආරම්භ වූ දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 09ක විශිෂ්ට ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක මොහොමඩ් රිස්වාන් පළමුව පන්දු රැකීම තෝරාගත්තා.

ඒ අනුව ප්‍රබල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් පිටියට ආ ඔස්ට්‍රෙලියානු පිතිකරුවන්ට ශක්තිමත් සබඳතා ගොඩනැගීමට පාකිස්තාන වේග පන්දු බලඇණිය ඉඩක් දුන්නේ නැහැ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හරිස් රවුෆ් කඩුලු 05ක් දවා ගත්තේ ලකුණු 29ක් පමණක් ලබාදෙමින්.

ශහීන් ෂා අෆ්‍රිඩි කඩුලු 03ක් සහ මොහොමඩ් හස්නේන් සහ නෂීම් ෂා එක් කඩුල්ල බැගින් බිඳ දමමින් ඔස්ට්‍රෙලියා ලකුණු පුවරුව ලකුණු 163කට සියල්ලම සීමා කළා.

ජයග්‍රහණයට ලකුණු 164ක ඉලක්කයක් හඹා යෑම ඇරඹි පාකිස්තාන ආරම්භක පිතිකරු යුවල වන සයුබ් සහ අබ්දුල්ලා එක්ව පළමු කඩුල්ලට ලකුණු 137ක සබඳතාවක් ගොඩනැගුවෙ කැන්ගරු පන්දු යවන්නන්ට රිසි සේ පහරදෙමින්.

සයිම් අයුබ් ලකුණු 82ක් ලබාගත්තා.

ඔහු දැවී ගියේ ඇඩම් සම්පා යොමු කළ පන්දුවක් හමුවේයි.

අබ්දුල්ලා ශාෆිකි නොදැවී ලකුණු 64යි.

ඒ අනුව දෙරට අතර පැවති දෙවැනි එක්දින තරගය පාකිස්තානය ජයග්‍රහණය තහවුරු කරගත්තේ පන්දුවාර 26යි පන්දු 03ක් අවසානයේ දී කඩුලු 09කින් වීම ද විශේෂත්වයක්.

තරගයේ වීරයා සම්මානය කඩුලු 05ක් බිඳ දැමූ රවුෆ් විසින් දිනා ගනු ලැබුවා.

දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය එළඹෙන 10 වැනිදා පර්ත් හි දී ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11