මෙහෙමත් මඟුල් කෑමක්

විවාහ මංගල්‍යට ආයතන ප්‍රධානියා විසින් නිවාඩු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරුණයෙක් වීඩියෝ ඇමතුමක් හරහා සිය මනාලියව විවාහ කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තුර්කියේ සේවය කරන මනාලයා ඉන්දියාවේ ජීවත්වන සිය මනාලියව පසුගිය සඳුදා මෙලෙස විවාහ කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

මනාලියගේ රෝගී සීයා ඇයට ඉක්මනින් විවාහ වන ලෙස බලකර ඇති අතර, ඒ හේතුවෙන් මෙම විවාහය ඉක්මන් කිරීමටයි දෙපාර්ශ්වයේම ඥාතීන් තීරණය කර ඇත්තේ.

ඒ, අනුව විවාහය සඳහා පසුගිය සඳුදා දින නියමකර ගෙන ඇති අතර, ඒ සඳහා පැමිණීමට තුර්කියේ සේවය කරන මනාලයා ආයතන ප්‍රධානියාගෙන් නිවාඩු ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම ආයතන ප්‍රධානියා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දෙදෙනාගේ විවාහ මංගල්‍ය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව යුවළ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී නියමිත චාරිත්‍රවලට අනුව විවාහය සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළා.

මනාලියගේ මාමා වන අක්‍රම් මොහොමඩ් නැමැත්තෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ දියුණු තාක්‍ෂණය හේතුවෙන් විවාහ මංගල්‍යය සිදු කිරීමට හැකි වූ බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14