අයහපත් කාලගුණයෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.
අධ්‍යක්ෂවරයා පැවසුවේ “117” ක්ෂණික දුරකථන අංකයට මේ වනවිට ඇමතුම් 156,000 කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.
එම සෑම දුරකථන ඇමතුමකටම ප්‍රතිචාර දක්වමින් ජනතාවගේ සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ආරක්‍ෂිත ස්ථානවල රඳවා සිටි ජනතාව ඔවුන්ගේ නිවෙස්කරා යාම ආරම්භ කර ඇති බව සඳහන් කළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා, තම නිවස සහ නිවස පිහිටි ප්‍රදේශයේ තත්ත්වය මෙන්ම ආරක්ෂාව තහවුරු කරන තෙක් ආරක්‍ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසට දැනුම් දෙනවා.
එමෙන්ම මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙන්නේ, ආපදාවට ලක්වූ ප්‍රදේශවල සංචරණ කිරීමෙන් වැළකී සිටින ලෙසයි.





