100ට අඩුවෙන් සහල් දෙනවා.. රටින් ගෙන්වනවා.. මාෆියාකාරයන්ට යටවෙන්නේ නෑ.

ඉක්මනින්ම සහල් ආනයනය සිදුකරන බවත් කැබිනට් අනුමැතිය අනුව මෙට‍්‍රික් ටොන් ලක්ෂයක් සහල් පිටරටින් ගෙන්වන බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එම තොග ලැබුණු පසු රුපියල් 100ට අඩුවෙන් පාරිභෝගිකයන්ට සහල් කිලෝවක් මිලට ගැනීමට හැකිවනු ඇති බවද ඇමතිවරයා කියයි.

පාරිභෝගිකයන්ට සාධාරණ මිලට සහල් මිලට ගැනීමට නොමැති නම් වෙළඳපලට නිකුත් කිරීම සීමා කරන්නේ නම් ඊට මැදිහත් වීමට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සහල් ආනයනය කර හෝ සාධාරණ මිලට ජනතාවට ලබාදීමට රජයේ වගකීම බවත් එනිසා එය නිවැරදිව සිදු කරමින් මෙට්‍රික් ටොන් ලක්ෂයක සහල් ආනයනය කරන බවත් ඔහු සඳහන් කළේය.

සහල් මාෆියාවට, මෝල් හිමියන්ට පාරිභෝගිකයන් ගසාකෑමට ඉඩදී නිහඬව සිටීමට සූදානම් නැති බව ද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?