08 වසරේ ළමුන් දෙදෙනෙක් සමඟ ලැඟුම්හලක සිටි ක්‍රීඩා සර් අත්අඩංගුවට

එප්පාවල නගරයේ ලැඟුම්හලක පාසල් ළමුන් දෙදෙනෙක් සමඟ සැක කටයුතු ලෙස නවාතැන්ගෙන සිටි ගුරුවරයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

51 හැවිරිදි ක්‍රීඩා ගුරුවරයෙක් ඊයේ (28) මෙලෙස එප්පාවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගුරුවරයා ඔහුගේ පාසලේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක් සමඟ මෙලෙස නවාතැන්පොළේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ 27 වැනි දින පැවැත්වෙන වොලිබෝල් පුහුණුවක් සඳහා ළමුන් දෙදෙනා රැගෙන යන බව මව්පියන්ට දැනුම් දී ඔවුන් දෙදෙනා මෙලෙස කැඳවාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

එලෙස කැඳවාගෙන පැමිණි ළමුන් දෙදෙනා යළි නිවෙස්වලට නොයවා ලැඟුම්හලක රඳවාගෙන සිටිය දී ඊයේ (28) කිසියම් පුද්ගලයෙක් පොලිසියට කළ දැනුම්දීමක දී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු ගුරුවරයා අද (29) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව එප්පාවල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
6
+1
2
+1
4
+1
2
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24


?