08 වසරේ ළමුන් දෙදෙනෙක් සමඟ ලැඟුම්හලක සිටි ක්‍රීඩා සර් අත්අඩංගුවට

එප්පාවල නගරයේ ලැඟුම්හලක පාසල් ළමුන් දෙදෙනෙක් සමඟ සැක කටයුතු ලෙස නවාතැන්ගෙන සිටි ගුරුවරයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

51 හැවිරිදි ක්‍රීඩා ගුරුවරයෙක් ඊයේ (28) මෙලෙස එප්පාවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගුරුවරයා ඔහුගේ පාසලේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක් සමඟ මෙලෙස නවාතැන්පොළේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ 27 වැනි දින පැවැත්වෙන වොලිබෝල් පුහුණුවක් සඳහා ළමුන් දෙදෙනා රැගෙන යන බව මව්පියන්ට දැනුම් දී ඔවුන් දෙදෙනා මෙලෙස කැඳවාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

එලෙස කැඳවාගෙන පැමිණි ළමුන් දෙදෙනා යළි නිවෙස්වලට නොයවා ලැඟුම්හලක රඳවාගෙන සිටිය දී ඊයේ (28) කිසියම් පුද්ගලයෙක් පොලිසියට කළ දැනුම්දීමක දී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු ගුරුවරයා අද (29) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව එප්පාවල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51
Video thumbnail
CPC එක මේ වසරේ බිලියන 27ක ලාභයක් උපයලා තියෙනවා - ඉන්ධන මිල ඉදිරියේදි අඩුවෙයිද ?
01:55
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධිය ගැන CPC එකෙන් ප්‍රබල හෙළිදරව්වක් - බහුල වශයෙන්ම ස්වාභාවික වායු
01:42
Video thumbnail
අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තාවල මිල පහළට - QR කේතය ඉවත් කරනවද ?
01:26
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06