07 වසරේ සිට පන්ති ආ දැරියකට වසර කිහිපයක් තිස්සේ නොහොබිනා දේ කළ ටියුෂන් ගුරාට වැඩ වරදී

මොරටුමුල්ල පුවක්අරඹ මංසන්ධියේ පිහිටි පෞද්ගලික උපකාරක පන්ති මධ්‍යස්ථානයක ගුරුවරයෙක් විසින් දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් එම ගුරුවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඉහළ ඉදිබැද්ද ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරුවරයෙකු වන සැකකරු පුවක්අරඹ මංසන්ධියේ ඉංග්‍රීසි ඇකඩමියක් පවත්වාගෙන ගිය ගුරුවරයෙක් බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 16ක දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය වෙත ලද පැමිණිල්ලක් අනුව මෙම ගුරුවරයාව අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම දැරිය 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලයේ සිට මෙම උපකාරක පන්තියට සහභාගී වන බවත් ඒ කාලයේ සිටම මෙම ගුරුවරයා විසින් ඇයව අපයෝජනය කළ බවට සඳහන් කර ඇති අතර ගුරුවරයා විසින් මේ සම්බන්ධයෙන් දෙමාපියන් හට නොපවසන බව සඳහන් කරමින් තර්ජනය කර ඇති බවද සඳහන්.

ඒ පිළිබඳව බියට පත්ව දෙමාපියන් හට මේ සම්බන්ධව දැනුවත් නොකර ඇති අතර ඇයගේ මිතුරියක් හට මීට සති දෙකකට පමණ පෙර මේ පිළිබඳව පවසා ඇති අතර ඇය තමාගේ මවට පැවසීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල සිදු තිබෙනවා.

ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පුවක්අරඹ මංසන්ධියේ පිහිටි පෞද්ගලික උපකාරක පංති ආයතනය වෙත පැමිණ විමර්ශන සිදු කර ඇති අතර එම දැරියව පානදුර රෝහල වෙත ඇතුළත් කර වෛද්‍ය පරීක්‍ෂණයක් ද සිදුකර තිබෙනවා

අත්අඩංගුවට ගත් මෙම ගුරුවරයා විසින් තවත් දැරියන් කිහිපදෙනෙක් අපයෝජනයට ලක් කර ඇතිදැයි සොයා විමර්ශන පවත්වන අතර ගල්කිස්ස සහ මොරටුව සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ අධීක්ෂණයෙන් පොලිසිය විමර්ශන සිදුකෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ - බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන්
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45
Video thumbnail
සභාව දැක්කම ලාල්කාන්තත් පුදුම වෙයි ?"මේ සභාව කාන්තා සමුළුවක් වගේනේ.."මට සතුටුයි කාන්තාවෝ ඉන්න එකට
09:00
Video thumbnail
මිනිස්සුන්ව වලපල්ලට දාලා ආණ්ඩු බලය රැකගන්න හදන්නේ
04:26
Video thumbnail
රජයට බොහෝම ස්තූතියි - ගොවියට සාධාරණ මිලක් දීලා තියෙන්නේ
02:28
Video thumbnail
වසර 15කට පෙර කළ ඝා#නයකට දෙදෙනෙකුට ම#ණ දඬුවම් නියමකරයි
00:52