ෆෙබ්‍රියෝ ද සොයිසාගේ යූ ටියුබ් නාලිකාව ඉවත් කිරීමට පියවර (වීඩියෝ)

කැනඩාවේ ඔටාවා හීදී ළමයින් සිව් දෙනෙකු ඇතුළුව ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නැමැති ශ්‍රී ලාංකික සිසුවා අද පස්වරුවේ යළිත් වරක් ඔටාවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔටාවා පොලිසිය ෆේබ්‍රියෝට පළමු මට්ටමේ මනුෂ්‍ය ඝාතන චෝදනා හයක් සහ මනුෂ්‍ය ඝාතනට තැත් කිරීමේ චෝදනාවක් එල්ල කරමිනුයි අධිකරණයට ඉදිරිපත් කළේ.

මේ අතර, අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා සම්බන්ධයෙන් සැකකරු පවත්වාගෙන ගිය යූ-ටියුබ් ගිණුම අත්හිටුවීමටත් ගූගල් සමාගම පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නැමැති මෙම සිසුවා මේ වනවිට ඔටාවා හි බන්ධනාගාරය තුලයි රඳවා ඇත්තේ.

ඔහු පසුගිය බ්‍රහස්පතින්දා පළමුවරට ඔටාවා අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

කැනඩාවේ ඔටාවා අගනුවරට සිට කිලෝ මීටර 15ක පමන දුරින් තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු නිවස තුළදීම සාහසික ලෙස ඝාතනයට ලක්වුයේ පසුගිය බදාදා රාත්‍රීයේදීයී.

එහිදී 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක සහ ඇයගේ කුඩා දරුවන් වන හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, තුන් හැවිරිදි රනායා වික්‍රමසිංහ, සහ මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ මෙම ඝාතකයාගේ තියුණු අවි ප්‍රහාරයට ලක් වී අවාසනාවන්ත ලෙස ජීවිත වලට සමුදුන්නා.

19 හැවිරිදි මෙම සිසුවාගේ ඝාතන දාමයේ පළමු බිල්ල වී තිබුණේ ඔහුගේ කාමර සගයා වන 40 හැවිරිදි ගදමිණී අමරකෝන් නමැත්තෙක්.

මෙම ප්‍රහාරකයාගේ ප්‍රහාරයට ලක් වී ඉන් දිවි ගලවා ගැනීමට සමත් වූයේ දර්ශනී දිලන්තිකා ඒකනායකගේ සැමියා වන ධනුෂ්ක වික්‍රමසිංහ පමණයි.

තියුණු ආයුධ ප්‍රහාරය හේතුවෙන් දරුණු කැපුම් තුවාල වලට ලක්වූ ධනුෂ්ක රෝහල්ගත කිරීමෙන් අනතුරුව මේවන විට ක්‍රමයෙන් සුවය ලබමින් පසුවනවා.

මෙම ඝාතනය සඳහා තියුණු දැති සහිත අවියක් භාවිත කර ඇති බවට තහවුරු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?