ෆෙබ්‍රියෝ ද සොයිසාගේ යූ ටියුබ් නාලිකාව ඉවත් කිරීමට පියවර (වීඩියෝ)

කැනඩාවේ ඔටාවා හීදී ළමයින් සිව් දෙනෙකු ඇතුළුව ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නැමැති ශ්‍රී ලාංකික සිසුවා අද පස්වරුවේ යළිත් වරක් ඔටාවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔටාවා පොලිසිය ෆේබ්‍රියෝට පළමු මට්ටමේ මනුෂ්‍ය ඝාතන චෝදනා හයක් සහ මනුෂ්‍ය ඝාතනට තැත් කිරීමේ චෝදනාවක් එල්ල කරමිනුයි අධිකරණයට ඉදිරිපත් කළේ.

මේ අතර, අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා සම්බන්ධයෙන් සැකකරු පවත්වාගෙන ගිය යූ-ටියුබ් ගිණුම අත්හිටුවීමටත් ගූගල් සමාගම පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නැමැති මෙම සිසුවා මේ වනවිට ඔටාවා හි බන්ධනාගාරය තුලයි රඳවා ඇත්තේ.

ඔහු පසුගිය බ්‍රහස්පතින්දා පළමුවරට ඔටාවා අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

කැනඩාවේ ඔටාවා අගනුවරට සිට කිලෝ මීටර 15ක පමන දුරින් තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු නිවස තුළදීම සාහසික ලෙස ඝාතනයට ලක්වුයේ පසුගිය බදාදා රාත්‍රීයේදීයී.

එහිදී 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක සහ ඇයගේ කුඩා දරුවන් වන හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, තුන් හැවිරිදි රනායා වික්‍රමසිංහ, සහ මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ මෙම ඝාතකයාගේ තියුණු අවි ප්‍රහාරයට ලක් වී අවාසනාවන්ත ලෙස ජීවිත වලට සමුදුන්නා.

19 හැවිරිදි මෙම සිසුවාගේ ඝාතන දාමයේ පළමු බිල්ල වී තිබුණේ ඔහුගේ කාමර සගයා වන 40 හැවිරිදි ගදමිණී අමරකෝන් නමැත්තෙක්.

මෙම ප්‍රහාරකයාගේ ප්‍රහාරයට ලක් වී ඉන් දිවි ගලවා ගැනීමට සමත් වූයේ දර්ශනී දිලන්තිකා ඒකනායකගේ සැමියා වන ධනුෂ්ක වික්‍රමසිංහ පමණයි.

තියුණු ආයුධ ප්‍රහාරය හේතුවෙන් දරුණු කැපුම් තුවාල වලට ලක්වූ ධනුෂ්ක රෝහල්ගත කිරීමෙන් අනතුරුව මේවන විට ක්‍රමයෙන් සුවය ලබමින් පසුවනවා.

මෙම ඝාතනය සඳහා තියුණු දැති සහිත අවියක් භාවිත කර ඇති බවට තහවුරු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21