AFC Banner
Empty Ad
Empty Ad

ෆයිසර් එන්නතෙහි ඵලදායිතාව අඩු වෙයි

ඩෙල්ටා වයිරස ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග තම රට තුළ ෆයිසර් – බයොඑන්ටෙක් එන්නතෙහි ඵලදායිතාව යම් පමණකින් අඩු වී ඇති බව ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.ඔවුන් සඳහන් කර ඇත්තේ වයිරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා සහ සාමාන්‍ය රෝග ලක්‍ෂණ මතු වීම වැළැක්වීම සඳහා එන්නතට තිබූ හැකියාව සියයට 64ක් දක්වා අඩු වී ඇති බවයි.

කලින් සමස්තයක් ලෙස මෙම එන්නතෙහි සියයට 95ක ඵලදායිතාවක් පැවැති බව ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබිණි.

කෙසේ නමුත් බරපතළ රෝග ලක්‍ෂණ ඇත වීම වැළැක්වීමට සහ රෝහල්ගත වීම වැළැක්වීමට ඊට ඇති හැකියාව සියයට 94ක මට්ටමෙහි පවතින බව ඔවුන් සඳහන් කර තිබේ.ෆයිසර් එන්නතේ ඵලදායිතාව මේ ආකාරයෙන් පහත වැටී ඇති බව වාර්තා වන්නේ ජුනි මාසයේ ආරම්භයත් සමගය. ඊශ්‍රායලය තුළ ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන්නට පටන් ගත්තේත්, සෞඛ්‍ය සීමා ලිහිල් කෙරුණේත් මේ කාලයේයි.

ඊශ්‍රායලය කොවිඩ් වසංගතය ඉතා හොඳින් කළමනාකරණය කළ රටක් වන අතර ලෝකයේ කාර්යක්‍ෂම එන්නත්කරණ වැඩසටහනක්ද ක්‍රියාත්මක වන රටකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?