ළිඳකට වැටී සාමණේර හිමිනමක් අවසන් ගමන් ගිහින්

ළිඳකට වැටී සාමණේර හිමිනමක් අවසන් ගමන ගිහින්ත්, නාරංවල ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක වැඩ විසූ හිමිනමක් ළිඳකට වැටී අපවත් වී ඇති බව මීගහවත්ත පොලිසිය පවසනවා.

ඊයේ (21) මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 12ක සාමණේර හිමිනමක් බවයි වාර්තා වුණේ.

අදාළ හිමිනම නොමැති බවට දැනගත් පසු සිදුකළ සොයා බැලීමේ දී අසළ පිහිටි ළිඳකට වැටි සිටිය දී සොයාගෙන තිබෙනවා.

අනතුරුව සාමණේර හිමිනම ළිඳෙන් ගොඩගෙන ඇතත් ඒ වනවිටත් උන්වහන්සේ අපවත් වී සිටි බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිට වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
10
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?