AFC Banner
Empty Ad
Empty Ad

ළිං පතුලක සැඟව ගිය මල් කැකුළ (ඡායාරූප)

කරන්දෙණිය, මහගොඩ ප්‍රදේශයේ නිවසක් අසල අනාරක්ෂිත ළිදකට වැටී සිව්හැවිරිදි පිරිමි දරුවෙක් අද (12) පෙරවරුවේ මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

දරුවා නිවසේ නොමැති බව දැනගත් නිවැසියන් ඒ පිළිබඳව සොයා බැලීමේ දී නිවසට යාබදව පිහිටි ඉඩම පරීක්ෂා කළ අවස්ථාවේ ළමයා පැළඳ සිටි පාවහන් ළිදේ පාවෙමින් තිබිය දී හමුව තිබෙනවා.

පසුව ළිං පතුල පරීක්ෂා කිරීමේ දී ළමයාගේ සිරුර හමුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?