ළාබාලතම ටෙනිස් ශූරයාට අඛණ්ඩ ව තෙවැනි පරාජයත් හිමිවෙයි

2023 ATP අවසන් තරග වටයක දී ලෝක ශූර ළාබාලතම ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ Carlos Alcaraz ට තවත් අමිහිරි පරාජයක් අත්විඳීමට සිදු වුණා.

ඒ තවමත් ATP ශූරතා ලැයිස්තුවේ 07 වැනි ස්ථානය හිමිකරගෙන සිටින ජර්මනියේ Alexander Zverev හමුවේයි.

විම්බල්ඩන් ශූර නොවැක් ජෙකොවික්ට පමණක් දෙවැනි ව ATP ලැයිස්තුවේ සිටින අල්කරාස්ගේ මෙම පරාජය මේ වනවිට බොහෝදෙනාගේ අවධානයට ලක් ව තිබෙනවා.

මෙම තරගය හමුවේ දී අල්කරාස්ව ඇලෙක්සැන්ඩර් විසින් ලකුණු වට 6-7ක්, (3-7)ක්, 6-3ක් සහ 6-4ක් ලෙස පරාජයට පත් කිරීමට සමත් වුණා.

කාර්ලස් අල්කරාස් මෙම තරගය පරාජයට පත්වීමත් සමග එය ඔහු අඛණ්ඩව ලැබූ තෙවැනි පරාජය ලෙසටයි සඳහන් වන්නේ.

තවමත් 20 හැවිරිදි වියෙහි පසුවන අල්කරාස් 2021 වර්ෂයෙන් පසුව ATP තරගාවලියක ලද දැවැන්තම පරාජය ද මෙය වනවා.

ආබාධයක් හේතුවෙන් ඔහුට පසුගිය වසරේ දී ATP අවසන් මහා තරගය අහිමි වුණා.

Alcaraz ට ඉදිරි වට ගැන බලාපොරොත්තුවක් තබා ගැනීමට අවශ්‍ය වන්නේ නම්, නුදුරේ දී මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන සෙසු තරග දෙක ජය ගැනීම අනිවාර්‍යය වනවා.

මෙය තමන්ට ඉතා වේදනාකාරී පරාජයක් වුව ද, ලෝක ශූර නොවැක් ජෙකොවිච් දෙස බලා තවදුරටත් ඉගෙන ගන්නා බවත්, ඇලෙක්සැන්ඩර් හමුවේ තමන්ගේ ක්‍රීඩා විලාසය ගැන කිසිදු සතුටක් නොමැති බවයි, හොඳින් පුහුණු වීම් කර ඉදිරි තරගවලට සාර්ථක වීමට උත්සාහ දරන බව ද අල්කරාස් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?