ළමා දූෂකයින්ට දඬුවම්දීමේ නව නීතියක් මැඩගස්කර් පාර්ලිමේන්තුව විසින් පසුගිය දා සම්මත කරගෙන තිබෙනවා.
ඒ, අනුව ළමා දූෂකයින් වඳ භාවයට පත් කිරීමට හෝ ඔවුන්ගේ ලිංගේන්ද්‍රය ඉවත් කිරීමට යන දඬුවම් දෙක ලබාදීම සම්බන්ධයෙන් මෙම නව නීති සම්මත කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම නව නීති අනුව කිසියම් පුද්ගලයෙක් වයස අවුරුදු 13ට අඩු ළමයෙක් දූෂනය කිරීමේ චෝදනාවකට වරදකරු වුවහොත් ඔහුව වඳ භාවයට පත් කිරීමට අවසරය මෙමඟින් හිමිව තිබෙනවා.
එමෙන්ම වයස අවුරුදු 13ට වැඩි ළමයෙක් දූෂනය කිරීමේ චෝදනාවකට වරදකරුවෙකු වන පුද්ගලයෙකුට වඳ භාවයට පත් කිරීම හෝ එම වරදකරුගේ ලිංගේන්ද්‍රය ඉවත් කිරීම යන දඬුවමට පත්කළ හැකියි.
සම්මත වූ මෙම නව නීතිය ක්‍රියාත්මක කිරීමට සඳහා එරට ජනපති ඇන්ඩ්රි රාජෝලිනා විසින් ඊට අත්සන් තැබිය යුතුයි.
මෙම නීතිය සම්බන්ධයෙන් වන යෝජනාව පසුගිය දෙසැම්බර් මාසයේ දී මැඩගස්කර් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනු ලැබුවා.
කෙසේ වෙතත් මෙම නව නීතිය ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම්වල විවේචනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.




