ළමා දූෂකයින්ව වන්ද්‍යකරණයට ලක් කිරීමේ නීතියක් මැඩගස්කරයේ සම්මතවෙයි

ළමා දූෂකයින්ට දඬුවම්දීමේ නව නීතියක් මැඩගස්කර් පාර්ලිමේන්තුව විසින් පසුගිය දා සම්මත කරගෙන තිබෙනවා.

ඒ, අනුව ළමා දූෂකයින් වඳ භාවයට පත් කිරීමට හෝ ඔවුන්ගේ ලිංගේන්ද්‍රය ඉවත් කිරීමට යන දඬුවම් දෙක ලබාදීම සම්බන්ධයෙන් මෙම නව නීති සම්මත කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම නව නීති අනුව කිසියම් පුද්ගලයෙක් වයස අවුරුදු 13ට අඩු ළමයෙක් දූෂනය කිරීමේ චෝදනාවකට වරදකරු වුවහොත් ඔහුව වඳ භාවයට පත් කිරීමට අවසරය මෙමඟින් හිමිව තිබෙනවා.

එමෙන්ම වයස අවුරුදු 13ට වැඩි ළමයෙක් දූෂනය කිරීමේ චෝදනාවකට වරදකරුවෙකු වන පුද්ගලයෙකුට වඳ භාවයට පත් කිරීම හෝ එම වරදකරුගේ ලිංගේන්ද්‍රය ඉවත් කිරීම යන දඬුවමට පත්කළ හැකියි.

සම්මත වූ මෙම නව නීතිය ක්‍රියාත්මක කිරීමට සඳහා එරට ජනපති ඇන්ඩ්රි රාජෝලිනා විසින් ඊට අත්සන් තැබිය යුතුයි.

මෙම නීතිය සම්බන්ධයෙන් වන යෝජනාව පසුගිය දෙසැම්බර් මාසයේ දී මැඩගස්කර් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම නව නීතිය ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම්වල විවේචනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10