AFC Banner
Empty Ad

ළමයි පෝළිමේ තියලා බඩු ගන්න හැටි කියන හැරිසන්…

ඉදිරියේදී මෙරට විවාහයක් සදහා අවසර ගැනීමටනම් අනිවාර්යයෙන් දරුවන් 05ස් දෙනෙක් හෝ බිහිකල යුතු බවට වන නීතියක් රජය විසින් ගෙනඑනු ඇති බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.වැඩිහිටියන් රැකියා කරන විට දරුවන්ට පෝළිම් වල සිට හාල පොල් ආදී දේ මිලදී ගත හැකි බවයි හැරිසන් පවසන්නේ.අවම වශයෙන් දරුවන් දෙනෙකු වත් බිහි කලහොත් ඉදිරියේදී ජීවත් වීම පහසු බව හෙතෙම එලෙස කරුනු දක්වමින් සදහන් කලා.

රටතුල පවතින පෝලිම් සංස්කෘතියට අනූව හැඩගැසීමටනම් එවැනි නීතියක් ගෙන ආ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

පී හැරිසන් මහතා මේ බව සඳහන් කළේ අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාවට සිදුව ඇති පීඩනය පිළිබඳව දඹුල්ල ප්‍රදේශයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වත්මන් ආණ්ඩුව දිගින් දිගටම දේශිය සම්පත් විකුණා දැමීමේ ක්‍රියාවලියේ නිරත වන බවටද පී හැරිසන් මහතා චෝදනා කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?