ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා දුරකථන සංවාදයක නිරතව තිබෙනවා.
එහිදී මැද පෙරදිග තත්ත්වය, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමේ වැදගත්කම ඇතුළු කාරණා සාකච්ඡා කළ බව ඉන්දියාවේ ඇමරිකානු නියෝජිත සර්ජියෝ ගෝර් සහ මෝදි X හි සටහන් කර තිබුණා.
පෙබරවාරි 28 වන දින ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සම්බන්ධීකරණ ප්‍රහාර දියත් කිරීමෙන් පසු නායකයින් දෙදෙනා අතර පළමු ඇමතුම මෙයයි.
“ඉන්දියාව හැකි ඉක්මනින් ගැටුම් අඩු කිරීමට සහ සාමය යථා තත්ත්වයට පත් කිරීමට සහාය වේ. හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව, ආරක්ෂිතව සහ ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම මුළු ලෝකයටම අත්‍යවශ්‍යයි,” මෝදි සිය සටහනේ පැවසුවා.













