Indian Premier League

හෝටල් කාමරවල සිටින අය වීඩියෝ කළ සේවකයෙකු අත්අඩංගුවට

යාපනය රෝහල පාරේ පිහිටි හෝටල් කාමරයක නවාතැන් ගෙන සිටි පුද්ගලයින් රහසිගතව විඩියෝ ගත කිරීමේ චෝදනාව මත එහි සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලීසිය පවසනවා.

එහිදී අදාළ හොටල් කාමරය තුළ තරුණ යුවළක් නවාතැන් ගෙන ඇති අතර එහිදී කුඩා කැමරාවක් වායුසමීකරණය අසල ඇති බවටයි ඔවුන්ට නිරීක්ෂණය වී ඇත්තේ.

ඒ අනුව ඔවුන් ඒ පිළිබඳව යාපනය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

එහිදී පොලීසිය මෙම හෝටලයේ කාමරවල නැවතී සිටින පුද්ගලයින් රහසිගතව රූගත කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?