හෝටල් කාමරවල සිටින අය වීඩියෝ කළ සේවකයෙකු අත්අඩංගුවට

යාපනය රෝහල පාරේ පිහිටි හෝටල් කාමරයක නවාතැන් ගෙන සිටි පුද්ගලයින් රහසිගතව විඩියෝ ගත කිරීමේ චෝදනාව මත එහි සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලීසිය පවසනවා.

එහිදී අදාළ හොටල් කාමරය තුළ තරුණ යුවළක් නවාතැන් ගෙන ඇති අතර එහිදී කුඩා කැමරාවක් වායුසමීකරණය අසල ඇති බවටයි ඔවුන්ට නිරීක්ෂණය වී ඇත්තේ.

ඒ අනුව ඔවුන් ඒ පිළිබඳව යාපනය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

එහිදී පොලීසිය මෙම හෝටලයේ කාමරවල නැවතී සිටින පුද්ගලයින් රහසිගතව රූගත කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

  1. MANASIKA ASAHANAKARAYIN WIKURTHI LINGIKA APARADHA KARAYIN MATH DRAWYA KARAYIN APARADHA KARAYIN MANKOLLA KARAYIN MINEE MARUWAN GEN PIRUNA RATAK WELA. API MEWA KALIN DAKKE ENGLISH FILM WALIN 1985 KALAYEN PASSE. EDHA API HARIMA SATHUTU UNA EHEMA RATAWALUTH LOKAYE THIYENAWA NEDHA APA RATA ONA THARAM WASANAWANTHA DHA KIYALA. DAN EYI RATAWAK SUIRI APE RATA EDHA UNTA WADA ANTHA WELA. HEMA DAMA MINEE MARUMAK. MANKOLLYAK, HORAKAMA, PEHERAGNEEMAK AHANNA WENA THARAM API AWASANAWANTHA UNA.