බොලිවුඩයේ ගීත කෝකිලාව යලිත් අසාධ්‍ය තත්ත්වයට

කොරෝනා ආසාදිතව මුම්බායි නුවර රෝහලකට පසුගිය මාසයේ ඇතුළත් කෙරුණු සුප්‍රකට ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර්ගේ තත්ත්වය යළි අසාධ්‍ය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කොරෝනා රෝගයට මෙන්ම, නියුමෝනියා තත්ත්වයට ප්‍රතිකාර ලැබූ ලතා මංගේෂ්කාර් ඉන් සුවය ලැබූ බව පසුගිය ජනවාරි 30 වනදා ප්‍රකාශයට පත්කෙරුණා.

එහෙත් දැන් ඇයගේ තත්ත්වය යළි පිරිහී ඇති අතර, රෝහල් දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අධීක්ෂණ යටතේ සිටින බවයි මුම්බායි බී්‍රච් කැන්ඩි රෝහලේ වෛද්‍ය ප්‍රාටිට් සම්දානි ප්‍රකාශ කළේ.

92 හැවිරිදි ඇය මේ වනවිට වෙන්ටිලේටර් යන්ත්‍රයකට සවි කර ඇති බව සඳහන්.

පරම්පරා ගණනාවක් භාරත සිනමාවේ ගීත කෝකිලාවිය වූ ලතා මංගේෂ්කාර් හින්දි, මරාටි, බෙංගාලි ඇතුළු ඉන්දීය භාෂා සහ විදේශීය භාෂා 36 කින් ගීත දහස් ගණනක් ගායනා කර ඇති අතර, 2001 වසරේදී භාරත් රත්න, සම්මානයෙන් පිදුම් ලැබූයේ ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය ලැබූ දෙවන ගායිකාව බවට පත්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?