Empty Ad
Empty Ad
AFC Banner

හොර සල්ලි වලින් අධිවේගී මාර්ග ගාස්තු ගෙවන්න ගිහින් මාට්ටු

ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටුවක් ලබා දී අධිවේගී මාර්ග ගාස්තු ගෙවීමට උත්සාහ කළ පුද්ගලයෙකු අධිවේගී මාර්ග රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා අධිවේගී මාර්ගයේ කඩවත පිටවීමේ දොරටුව අසල දී අද (16) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු හපුතලේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු හෙට (17) දිනයේ මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?