AFC Banner
AFC Banner
Empty Ad

හොර පාස්පෝට් හදා යුරෝපයට පනින්න හැදූ ඉරාක පිය පුතු දෙපළගේ ගමන කටුනායකින් නැවතුණු හැටි

යුරෝපයට පැන යාමේ අදහසින් කූඨ ලෙස සකස් කළ ඩොමිනිකානු ජනරජයේ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ විදෙස් ජාතික තරුණයෙකු සහ ඔහුගේ පියා අද (07) උදෑසන ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙලෙස පිටුවහල් කර ඇත්තේ 18 හැවිරිදි ඉරාක ජාතික තරුණයෙක් සහ ඔහුගේ පියා බවයි වාර්තා වුණේ.

මොවුන් දෙදෙනා අද (07) අලුයම 01.10 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එහිදී ශ්‍රී ලංකාවට ඇතුළුවීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත පිවිස ඩොමිනිකානු ජනරජයේ ගුවන් ගමන් බලපත්‍රයක් ඇතුළු අනෙකුත් ලියකියවිලි තරුණයා විසින් ඉදිරිපත්කර තිබෙනවා.

ඒ, පිළිබඳව ඇති වූ සැකය මත මෙම ලියකියවිලි කටුනායක ගුවන් තොටුපළ දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත ඉදිරිපත් කිරීමට එහි සේවය කළ ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම ගුවන් ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුව , ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කර ඇති බවටයි.

අනතුරුව ඔවුන් පැමිණි ගුවන් යානයෙන් ම ආපසු ඩුබායි බලා පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණා.

මේ අතර,පසුගිය සතිය තුළ ඉරාක ජාතිකයන් සිව්දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ යුරෝපය වෙත පළා යෑමට තැත් කිරීමේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?