හොර පාස්පෝට් එකකින් කැනඩා යන්න හැදූ තරුණයා ගුවන්තොටේ දී මාට්ටු

කූඨ ලෙස සකස් කළ මෙරට විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන කැනඩාව බලා පළායාමට පැමිණි පුද්ගලයෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොලේ දී මෙම පුද්ගලයා ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා යාපනය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මොහු ඊයේ (06) රාත්‍රී 07.20ට සෞදි අරාබියේ දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 263 දරණ ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමාකර විගමන කටයුතු සදහා පැමිණෙමින් සිටිය දී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට මොහු පිළිබඳ ඇති වූ සැකය මත මොහු නවතා මොහුගේ ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී ඔහු සන්තකයේ තිබූ ගමන් බලපත්‍රය කැනඩාවේ වීසා බලපත්‍ර හිමි වෙනත් ශ්‍රී ලාංකිකයෙකු සතු ගමන් බලපත්‍රයක් බවට අනාවරණයකර ගැනීමට හැකිව තිබෙනවා.

මොහු විසින් තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 18ක මුදලක් ලබාදී එම ගමන් බලපත්‍රයට මොහුගේ ඡායාරූපය සහ අනෙකුත් මූලික තොරතුරු ඇතුළත් කර මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව මෙම පුද්ගලයාගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී ඒ තුළ ඔහුගේ සැබෑ ගමන් බලපත්‍රය, ව්‍යාජ ලෙස සකස් කළ ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක්, ව්‍යාජ ඩුබායි නේවාසික වීසා බලපත්‍රයක් සහ ව්‍යාජ විගමන මුද්‍රාවක් ද තිබී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46