හොර පාස්පෝට් එකකින් කැනඩා යන්න හැදූ තරුණයා ගුවන්තොටේ දී මාට්ටු

කූඨ ලෙස සකස් කළ මෙරට විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන කැනඩාව බලා පළායාමට පැමිණි පුද්ගලයෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොලේ දී මෙම පුද්ගලයා ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා යාපනය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මොහු ඊයේ (06) රාත්‍රී 07.20ට සෞදි අරාබියේ දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 263 දරණ ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමාකර විගමන කටයුතු සදහා පැමිණෙමින් සිටිය දී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට මොහු පිළිබඳ ඇති වූ සැකය මත මොහු නවතා මොහුගේ ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී ඔහු සන්තකයේ තිබූ ගමන් බලපත්‍රය කැනඩාවේ වීසා බලපත්‍ර හිමි වෙනත් ශ්‍රී ලාංකිකයෙකු සතු ගමන් බලපත්‍රයක් බවට අනාවරණයකර ගැනීමට හැකිව තිබෙනවා.

මොහු විසින් තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 18ක මුදලක් ලබාදී එම ගමන් බලපත්‍රයට මොහුගේ ඡායාරූපය සහ අනෙකුත් මූලික තොරතුරු ඇතුළත් කර මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව මෙම පුද්ගලයාගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී ඒ තුළ ඔහුගේ සැබෑ ගමන් බලපත්‍රය, ව්‍යාජ ලෙස සකස් කළ ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක්, ව්‍යාජ ඩුබායි නේවාසික වීසා බලපත්‍රයක් සහ ව්‍යාජ විගමන මුද්‍රාවක් ද තිබී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?