AFC Banner
AFC Banner
Empty Ad

හොරොයින් සමඟ ඇල්ලූ පොලිස් SI, නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සබඳතා පවත්වා ඇති බව හෙළිවෙයි

රුපියල් කෝටි 50 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 52 ක් සමඟ කළුතර දකුණ පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු තුන්දෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා මේ වන විට ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුර සලිඳු නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය මෙරට බෙදා හැරීම සඳහා සම්බන්ධීකරණ සහ ප්‍රවාහන කටයුතු සිදුකර ඇති බව මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මුහුදු මාර්ග ඔස්සේ දකුණට පැමිණෙන මත්ද්‍රව්‍ය තොග දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොළඹට සහ අනෙකුත් ප්‍රදේශවලට බෙදාහැරීමේ කටයුතුවලට මොහු සිය නිල ඇඳුම භාවිත කරමින් සම්බන්ධ වී ඇති බවටයි මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ.

ඊයේ (18) රාත්‍රියේ බද්දේගම හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසි සැකකාර උප පොලිස් පරික්ෂකවරයා අතුරුගිරිය හුවමාරුවෙන් පිටත සිටි තවත් පුද්ගලයින් දෙදෙනකු ද සම්බන්ධ කරගෙන මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම වැටලීමේදී උප පොලිස් පරීක්ෂකවරයාගේ මෝටර් රථය සහ තවත් වෑන්රථයක් ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකළ පොලිස් කණ්ඩායමට හැකි වුණා.

මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කර දින හතක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?