හොරොයින් සමඟ ඇල්ලූ පොලිස් SI, නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සබඳතා පවත්වා ඇති බව හෙළිවෙයි

රුපියල් කෝටි 50 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 52 ක් සමඟ කළුතර දකුණ පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු තුන්දෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා මේ වන විට ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුර සලිඳු නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය මෙරට බෙදා හැරීම සඳහා සම්බන්ධීකරණ සහ ප්‍රවාහන කටයුතු සිදුකර ඇති බව මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මුහුදු මාර්ග ඔස්සේ දකුණට පැමිණෙන මත්ද්‍රව්‍ය තොග දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොළඹට සහ අනෙකුත් ප්‍රදේශවලට බෙදාහැරීමේ කටයුතුවලට මොහු සිය නිල ඇඳුම භාවිත කරමින් සම්බන්ධ වී ඇති බවටයි මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ.

ඊයේ (18) රාත්‍රියේ බද්දේගම හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසි සැකකාර උප පොලිස් පරික්ෂකවරයා අතුරුගිරිය හුවමාරුවෙන් පිටත සිටි තවත් පුද්ගලයින් දෙදෙනකු ද සම්බන්ධ කරගෙන මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම වැටලීමේදී උප පොලිස් පරීක්ෂකවරයාගේ මෝටර් රථය සහ තවත් වෑන්රථයක් ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකළ පොලිස් කණ්ඩායමට හැකි වුණා.

මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කර දින හතක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48